
HASITHA N WEERASINGHE
සුපුෂ්පිත සරුසාර තෝතැන්නක් කරා......
- 4 years experience
- 0716429902
About
ඔබේ ගුරුවරයා 2014 වර්ෂයේදී සිංහල විෂයට A සාමාර්ථ්‍යයක් සහිතව විශිෂ්ට සාමාර්ථ 07ක් සමඟින් සා.පෙළ (පිරිවෙන්) විභාගය සමත් වූ අයෙකි. 2015 වර්ෂයේදී සිංහල, පාලි, සංස්කෘත විෂයයන් පිළිබඳ ශ්‍රී ලංකාවේ පවතින උසස්ම විභාගයක් වන ප්‍රාචීන විභාග සඳහා යොමු වී 2016 වර්ෂයේදී ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයත් (D සාමාර්ථ 05 ක් සහිතව), 2017 වර්ෂයේදී ප්‍රාචීන මධ්‍යම විභාගයත් සමත්ව සිංහල විෂය පිළිබඳ ප්‍රාචීන දැනුම ද ලත් අයෙකි. අනතුරුව 2018 වර්ෂයේදී කලා විෂය ධාරාවෙන් අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දී A සාමාර්ථ්‍යය 2 ක් හා B සාමාර්ථ්‍යයක් සමඟ මහනුවර දිස්ත්‍රික්කයේ පළමු 100 දෙනා අතරට තේරී පත්ව (දිස්ත්‍රික් කුසලතා 73 ) වයස අවු. 18 දී විශ්ව විද්‍යාල වරම් ලබාගත් අයෙකි. 2020 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සුන්දර ම විශ්ව විද්‍යාලය වන පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත්ව සිංහල විශේෂවේදී උපාධිය හැදෑරීමට අවස්ථාව උදාකරගත් අයෙකි. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන කාලයේදී 2021 වර්ෂයේ TSVTP Dip. In English & Dip.in It ඩිප්ලෝමා සම්පුර්ණ කළ අයෙකි. එම වසරේදීම IBSC ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයෙන් A සාමාර්ථයක් සහිතව HRM Diploma ව හිමිකරගත් අයෙකි. වසර 4ක් පුරාවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල විෂය පිළිබඳව ම විශේෂවේදී උපාධිය හදාරා 2024 වර්ෂයේදී (B.A. Honours in Sinhala Language, literature & Culture) උපාධිය සම්පූර්ණ කර දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල විෂයෙන් ම පශ්චාත් උපාධිය (M.A in Sinhala) හදාරමින් සිටින අයෙකි

